FAST NEWS

24×7 Around the Globe

දින කීපයක් එකට ගත කල පාසල් පෙම්යුවල මාට්ටූ – සිසුවිය රෝහල වෙත…

අයිස්ක්‍රීම් කෑමට රුපියල් 200 ක් සිය දෙමාපියන්ගෙන් ඉල්ලා ගත් මීගමුව පෞද්ගලික ජාත්‍යන්තර පාසලක සිසුවෙකු, එම වයසේම බාල වයස්කාර සිසුවියක සමග දින කීපයක්ම ක්‍රීඩාංගනයක ගත කරමින් සිටියදී ,සිසුවියගේ දෙමාපියන් සහ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව කටුනායක පොලිසිය පවසන ලදි.

මෙම සිසුන් දෙදෙනාම කටුනායක පොලිස් වසමේ පීල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර දෙදෙනාගේ ම වයස අවුරුදු 15 යි මාස 05 ක් වේ.

එසේම ඔවුන් දෙදෙනා දැන හැදිනගෙන දැනට මාසයක් පමණ ගත වී ඇති බව කරන ලද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මොවුන් දෙදෙනා ඉකුත් 02 වැනිදා පාසැල් යන බව පවසා මුලින්ම මීගමුව වෙරළට ගොස් එහි ගත කර ඇති අතර , පසුව ඉකුත් 03 සහ 04 දින වල මීගමුව කඩොල්කැලේ මහජන ක්‍රීඩාංගනයේ ගතකර තිබේ.

මේ අතර සිසුවියගේ දෙමාපියන් ඇය නොමැති නිසා බියට පත්ව කටුනායක පොලිසිය වෙත මේ පිලිබඳව කර තිබූ පැමිණිලි මත ක්‍රියාත්මක වූ පොලිසිය මොවුන් දෙදෙනා මෙසේ අත් අඩංගුවට ගැනීම සිදු කෙරුණි.

අදාල සිසුවිය සිය දෙමාපියන්ගේ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් බැහැර කොට අපහරණය කිරීමේ චෝදනා මත මෙම සිසුවා අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

සිසුවිය වෛද්‍ය පරීක්ෂණ සදහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කරන ලදි.