FAST NEWS

24×7 Around the Globe

ෆේස්බුක් එකට නිරුවත දැම්මොත් වැඩ වරදින හැටි මෙන්න…

බොහෝ දෙනෙක් ෆේස්බුක් වල වැරදි නම් වලින් වැරදි ගිණුම් හදාගෙන අසභ්‍ය වීඩියෝ අසභ්‍ය ජයාරූප සමාජයට මුදා හරින අවස්ථා දක්නට ඇති අතර facebook ආයතනය මේ වැරදි ක්‍රියාව නතර කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මේ සඳහා facebook ආයතනය විසින් නවතම ක්‍රමවේදයක් හඳුන්වා දීමට යන අතර photo-matching technologies ලෙසින් එය හදුන්වනු ලැබේ.

මෙයින් පසුව යම් කිසි කෙනෙක් යම් කෙනෙකුගේ අකමැත්තකින් ඔහුගේ හෝ ඇයගේ ගිණුමට අසභ්‍ය වීඩියෝ පටයක් හෝ අසභ්‍ය ඡායාරූප මුදා හරිනු ලැබුවොත් අදාල කෙනාට විරුද්ධව කඩිනමින් පියවර ගැනීමට facebook ආයතනය කටයුතු කරනු ලැබේ

මේ වෙනුවෙන් අදාළ කටයුතු සිදුකිරීමට පුහුණුව ලත් විශේෂ කණ්ඩායමක් මේ වන විටත් එම කාර්යයේ යොදවා ඇති බව දැන ගන්නට ලැබේ.