FAST NEWS

24×7 Around the Globe

ප්‍රථම වරට වායු ගෝලයක් නිරීක්ෂණයට…

විද්‍යාඥයින් විසින් පෘථිවියට සමාන ග්‍රහ ලෝකයක් වටා ප්‍රථම වරට වායු ගෝලයක් නිරීක්ෂණය කර තිබේ.

පෘථිවිය මෙන් 1 යි දශම 4 ක ගුණයෙන් විශාල මෙම සුපිරි පෘථිවි ග්‍රහ ලෝකය, අපේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 39 ක් ඈතින් පිහිටා ඇති බව සඳහන්ය.

ජී.ජේ. 1132 බී ලෙස නම් කෙරුණු මෙම ග්‍රහලෝකයේ වායු ගෝලය, ජලය සහ මීතෙන් මිශ්‍රණයක් ලෙස සැකසී ඇති බව විශ්වාස කෙරෙන අතර සූර්යග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක වායු ගෝලයක් නිරීක්ෂණය කර ඇත්තේද ප්‍රථම වතාවටය.

කෙසේ නමුත්, විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ සෙන්ටිගේ‍්‍රඩ් අංශක 370 ක පමණ ඉහළ උෂ්ණත්වයකින් යුත් මෙම ග්‍රහලෝකයේ ජීවය පැවතීමේ ඉඩකඩ මඳ බවයි.