FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව පරදා බංගලාදේශයට ලකුණු 45 ක ජයක්..

ශ්‍රී ලංකා  කණ්ඩායමට සමග පැවති දෙවන සහ අවසන් විස්සයි 20 තරගය ලකුණු 45 කින් ජය ගැනීමට සංචාරක බංගලාදේශ කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20දී  කඩුලු 09ක්දැවී ලකුණු 176ක් ලබා ගැනිමට සමත් විය.

මෙහිදි පන්දු යැවිමේදී ලසිත් මාලිංග කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තේය.

පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 131ක් පමණයි.

චාමර කපුගෙදර ලකුණු 50ක් ලබා ගත්තේය.

පන්දු යැවිමේදී මුස්ටපිසූර් රහමන් කඩුලු 04ක් දවා ගත්තේය.