FAST NEWS

24×7 Around the Globe

IPL තරගාවලියේ පළමු ජය හයිද්‍රාබාද් කණ්ඩායමට…

2017 අයි.පී.එල්. කි‍්‍රකට් තරගාවලියේ පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු 35 කින් පරාජය කරමින් ඩේවිඩ් වෝනර්ගේ සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම, ඊයේ (05) සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 4 ක් දැවී ලකුණු 207 ක් රැස් කරන ලදි.

එම ඉලක්කය හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 4 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 172 ක් පමණයි.

පන්දු 27 කදී ලකුණු 62 ක් රැස් කළ සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ යුවරාජ් සිං තරගයේ වීරයා ලෙස නම් කෙරුණ අතර තරගය පැවැත්වුණේ හයිද්‍රාබාද්හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීය.