හිමාලය තරණය කිරීමේ ඍතුව උදාවත් සමඟ එවරස්ට් කඳුමුදුන පිරිසිදු කිරීමේ මහා මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත.
ලෝකයේ උසම කඳු ශිකරය වන එවරස්ට් කඳුවැටියේ අත්හැර දමන ලද කුණුකසල මිනිස් අපද්‍රව්‍ය සහ පැරණි උපකරණ ටොන් ගණනාවක් ඇති අතර ඒවා ඉවත් කිරීමේ මෙහෙයුමට උදව් වෙන මෙන් කඳු නගින්නන්ගෙන් ඉල්ලීමක් කෙරෙයි.
කඳු නගින්නන් විසින් අතරමග දී පාවිච්චියට ගනු ලබන කඳවුරු අවට කැන්වස් මළු දමා ගොස් ඇති අතර කන්ද තරණය කරනු ලැබ ආපසු එන ගමනේ දී සෑහෙන තරම් කසල ප්‍රමාණයක් ආපසු ගෙන එන්නේ නැත්නම් ඔවුන්ට දඩ ගැසීමේ වැඩ පිළිවෙලක් 2014 වසරේ පටන් ක්‍රියාත්මක කෙරෙයි.
කඳු නගින්නන් කොතරම් අපද්‍රව්‍ය තොගයක් එවරස්ට් කන්දේ දමා යන්නේදැයි කිවහොත් එය ‘ලෝකයේ ලොකුම කසල කන්ද’ ලෙසත් හඳුන්වනු ලැබ ඇත.
එවරස්ට් කලාපයෙන් වැඩිම කසල තොගය සොයා ගනු ලැබ තිබෙන්නේ,මුහුදු මට්ටමින් ආදී 21000 ක් තරම් උසින් පිහිටි කඳවුරකිනි.
ඔක්සිජන් ටැංකි, කූඩාරම් , ආහාර ගැනීමට පාවිච්චි කරන දේවල් සහ කඳවුරුවල පාවිච්චි කරනු ලබන වෙනත් ද්‍රව්‍ය ඇතුලත් එම කුනුකන්ද පහලට ගෙන එම සඳහා හෙලිකොප්ටර් යානා යොදා ගැනීමට සිදුවිය.
පසුගිය කාල සීමාව ඇතුළත කසල ටොන් දහසයක් එවරස්ට් කන්දෙන් ඉවත් කරනු ලැබ ඇතත් තවත් කොතරම් කසල ප්‍රමාණයක් එහි ඇද්ද යන්න තවමත් තක්සේරු කරනු ලැබ නැත.
කඳු නගින්නන් විසින් සිදු කරනු ලබන පරිසර දූෂණයට අමතරව 2015 වසර් නේපාලය මුහුණ දුන් මහා භූමි කම්පාවත් එවරස්ට් කන්දේ තත්වය තවත් නරක අතට හැරීමට හේතුවිය.
එම භූමි කම්පාවෙන් නේපාලය පුරා නව දහසක ජීවිත විනාශයක් සිදු වූ අතර කඳුවැටිය තරණය කරමින් සිටිය දී මරණයට පත්වූවන්ගෙන් වැඩි දෙනකුගේ සිරුරු එහි කඳවුරුවල අත්හැර දමනු ලැබුණි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.