FAST NEWS

24×7 Around the Globe

සිසුවියගේ නිරුවත සිසුවා ආදායම් මාර්ගයක් කර ගත් හැටී..

පාසැල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට ඒවා මුදා හරින බව පවසා කප්පම් ලබාගත් සිසුවෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිසුවියගේ පෙම්වතා වන ඔහු දුරකථන මාර්ගයෙන් එම ඡායාරූප ගෙන්වාගෙන ඇත්තේ, නැතහොත් සම්බන්ධය අත්හැර දමන බවට තර්ජනය කරමින් බව වාර්තා විය.

පසුව එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව තර්ජනය කරමින් පෙම්වතා රුපියල් 20000ක් ඉල්ලා ඇති නිසා සිසුවිය නිවසේ මව්පියන් සඟවා තිබූ මුදල් සොරකම් කර එය ලබා දී ඡායාරූප මකා දමන ලෙස ඉල්ලීමක් කර තිබේ.

එහෙත් දිගින් දිගටම පෙම්වතා මෙම සිසුවියගෙන් මුදල් ලබාගෙන ඇති අතර පසුව මේ සම්බන්ධයෙන් දැනගත් මවුපියන් පොලිසියට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර සැකකරු අද(05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.