FAST NEWS

24×7 Around the Globe

වසර 60කට පසු සොල්දාදුවා සොයා පැමිණි හිමිනම මෙන්න.. (ඡායාරූප)

දශක 06කට පෙර තමන්ට ආරක්ෂාව සැපයූ සොල්දාදුවෙකු මුණගැසීමට ටිබටයේ අධ්‍යාත්මික නායක දලයි ලමා පසුගියදා පැමිණි බව වාර්තා විය.

මෙලෙස දලයි ලමා හට ඉන්දියානු සෙබලෙකු වන නරේන් චන්ද්‍රදාස් විසින් ආරක්ෂාව සපයා ඇති බව වාර්තා වූ අතර 1959 වසරේදී මෙම සෙබලා තමා හට මුණගැසී ඇත්තේ චීන පාලනයට එරෙහිව ටිබෙට් විරෝධතාවයන් ව්‍යර්ථ වීම හමුවේ ලහාසා කදුකරය හරහා ඉන්දියාවට පැමිණි අවස්ථාවේ බව දලයි ලමා සදහන් කර තිබේ.

එසේම සොල්දාදුවෙකු ලෙස වෙස් වලාගෙන දලයි ලමා එවකට ආධාර බලාපොරොත්තුවෙන් ඉන්දියාව වෙත පැමිණ තිබේ.

දලයි ලමා මේ වනවිට 81 වන වියේ පසුවන අතර ලාමාට එවකට ආරක්ෂාව සැපයු නරේන් චන්ද්‍රදාස් මේ වනවිට 79 වන වියේ පසුවන බව සදහන්ය.

ඡායාරූප පහතින්..