සංචාරක බංගලාදේශ කණ්ඩායම සමග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (04) පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුළු 06 ක ජයක් ලැබිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වු අතර කලකට පසුව කණ්ඩායමට ඇතුලත් වු කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළේය.
කුසල් මෙම තරගයේදී හයේ පහරක් හා හතරේ පහර 09 ක් සමගින් පන්දු 53 කදී ලකුණු 77 ක් රැස් කර ගැනීමට සමත් වු අතර තරගයේ වීරයා සම්මානයද තමන් සතු කර ගැනීමට හෙතෙම සමත් විය.
කෙසේ වෙතත් කළකට පසු පිටියට පිවිසි කුසල් ජනිත් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත පවසා සිටියේ තදින් පහර දිම යම් සීමා කිරීමටක ලක් කල හෙයින් තමන්ට මෙම තරගයේදී සාර්ථක වීමට අවකාශය ලැබුණු බවය.
“මම තරග හතරක් එද දිගට අසාර්ථක වුනා, මම එ තරග වලට හරියට පුහුණු වුණේ නෑ , සමහර වෙලාවට පුහුණූ වෙලත් අසාර්ථක වෙන වේලාවල් තියනෙවා ,මම ගොඩක් තරගවල මුලින් හොදට ක්‍රීඩා කරගෙන ඇවිත් අතර මගදි අවසනාවන්ත ලෙස දැවී යනවා , ඕනෑම ක්‍රීඩකයෙකු ලකුණු 20 ක් 30 අතර ලබාගෙන එද්දි හිතනවා ඉක්මන් ලකුණු ලබාගත යුතුයි කියලා , එත් මම දුර්වල පන්දු ආවත් එවාට තදින් පහර දිමෙන් වැලකි ඉන්නවා, මෝකද කලින් තරගවල ලොකු පහරවල් වලට ගිහින් අවසනාවන්ත ලෙස දැවී ගියා, එ නිසා මම එ ලකුණු ප්‍රමාණයට අවාම තදින් පහර දීමෙන් වැළකිලා ඉන්නවා”
එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුගේ ස්ථානයට,අබාධයකට ලක්ව සිටින නිරෝෂන් දික්වැල්ල හා තමා අතර තරගයක් ඇති වනු ඇතිදැයි මාධ්‍ය කළ විමසීමේදි කුසල් සඳහන් කර සිටියේ සිය ස්ථානය පිළිබඳව ලොකු තැකීමත් නොකරන බවය.
“මම ක්‍රීඩා කරද්දි මගේ ස්ථානය ගැන හිතන්නේ නෑ ,ඕනැම ක්‍රීඩකයෙකු ඕනැම මොහොතක දැවී යන්න පුළුවන්,එක ක්‍රිඩාවේ කොටසක්, හිත. ශක්තිමත් කරගෙන ධනාත්මකව ක්‍රීඩා කලොත් දීගටම හොදින් පන්දුවට පහර දෙන්න පුළුවන්, එහෙම ධනාත්මකව ක්‍රීඩා කරන එක වැදගත් දෙයක් , එකෙන් තමන්ට වගේම කණ්ඩායමත් හොද දෙයක්”
(ADS)