FAST NEWS

24×7 Around the Globe

විමල්ගේ උණ අඩුවෙලා…

උපවාසයක නිරතව සිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ හේතුවෙන් ඔහුගේ උණ රෝගී තත්ත්වය තරමක් පහළ බැස ඇතැයි ජාතික රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ සිරිල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට සාමාන්‍ය පරිදි ආහාරපාන ලබා ගැනීම සිදු කෙරෙන බවත් දින කිහිපයක් තුළ මන්ත්‍රීවරයාට රෝහලෙන් පිටව යා හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.