FAST NEWS

24×7 Around the Globe

දිගටම හිර කලිසම් හැදගෙන හිටියොත් වෙන දේ මෙන්න…

ඇඟට හිරවුණ කලිසම් මේ වන විට කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය විලාසිතාවක් බවට පත්ව ඇති නමුත් වෛද්‍යවරු මේ විලාසිතාව සෞඛ්‍යට ඉතා හානිකර බවට අනතුරු අගවා තිබේ.

ඕස්ට්‍රේලියාවේ ක්ලේව්ලෑන්ඩ් විශ්වවිද්‍යාල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යවරයා පවසන්නේ අධික ලෙස ඇගට හිර වන ලෙස කලිසම ඇදීම නිසා මාංශ පේෂී වලට සහ ස්නායු වලට හානි සිදුවන බවයි.

එසේම මාංශ පේෂිවල අභ්‍යන්තර රුධිර වහනය හා ඉදිමීම මේ නිසා සිදුවිය හැකි  අතර දිගින් දිගටම මෙවැනි හිර කලිසම් ඇදීමෙන් ඇවිදීමට පවා නොහැකි තත්වයට පත්විය හැකි බව වෛද්‍ය මතයයි.

මුලින්ම මේ රෝගී තත්වය හදුනාගෙන ඇත්තේ 35 හැවිරිදි ඔස්ට්‍රේලියානු කාන්තාවකගෙන් වන අතර ඇය හිර ඩෙනිමක් දවස පුරා හැද සිටීමෙන් පසු හවස් කාලයේ කකුල් වල හිරි වැටීමක් සහ දැඩි වේදනාවක් ඇති වී ඇවිදීමට පවා අපහසු තත්වයෙන් රෝහල් ගතකර තිබුණි.

වේදනාව හේතුවෙන් කලිසම ඉවත් කිරීමට අපහසු නිසා වෛද්‍යවරුන් විසින් කලිසම කපා ඉවත් කර දින හතරක් ප්‍රතිකාර කිරීමෙන් පසු ඇයට ඇවිදීමට හැකියාව ලැබී තිබේ.

මෙය හදුනාගැනිමෙන් පසු ලොව පුරා සිටින වෛද්‍යවරු මොස්තර නිර්මාණ කරුවන්ට හිර කලිසම් වල ඇති මේ භයානක තත්වය පිළිබද අනතුර අගවා ඇති අතර වෛද්‍යවරු උපදෙස් දෙන්නේ හිර කලිසම් හැදගෙන සිටින විට කකුල් වල හිරිවැටීමක් හෝ වේදනාවක් ඇති වේ නම් එයින් පෙන්නුම් කරන්නේ මාංශ පේශිවල ඉදිමීම හා අධික වේදනාව අතලග බවය.