FAST NEWS

24×7 Around the Globe

මහින්දගෙන් රනිල් ප්‍රශ්න තුනක් අැසූ හැටී…

හිටපු ජනපති මහින්ද රාජපකෂ මහතාගෙන් තමන් ප්‍රශ්න තුනක් අසන බවත් හැකිනම් ඒ සඳහා පිළිතුරු දෙන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිරිබත්ගොඩදී ඊයේ (03) පැවැති ජනහමුවකදී සඳහන් කළේය.

01 ඇයි එක්සිම් බැංකුව සමග අවුරුදු 20කින් පසුව ණය ගෙවන්න එකඟ වුණේ නැත්තේ?

02 ඇයි හම්බන්තොට වරායේ හොඳ කොටස චීන සමාගම්වලට දීලා ණය ගෙවන එක අපි බාර ගත්තේ?

03 වරාය නගරයෙන් කොටසක් සින්නකර ඔප්පුවලින් විකුණලා අනිත් කොටස අවුරුදු 99ක් බදු දුන්නේ?

යනුවෙන් අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න තුනක් විමසීය.

එසේම තමන් සිව්වැනි ප්‍රශ්නය ලෙස ඇයි ලැජ්ජ නැතිව දැන් අඩන්නේ හම්බන්තොට විකුණනවා කියලා, යනුවෙන්ද අසනු ලැබීය.