FAST NEWS

24×7 Around the Globe

අයි.එස්. මඩින්න බ්‍රිතාන්‍ය හමුදා ජෝර්දානයට..

අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කිරීම සඳහා බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයන් ජෝර්දානයට  සහාය දීම සඳහා යොදවන බව අග්‍රාමාත්‍ය තෙරේසා මේගේ ජෝර්දාන සංචාරය අතරතුරදී සඳහන් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

එ අනුව බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයන් ජෝර්දාන ගුවන් හමුදාවට සහාය දීම සඳහා යොදවන බව තෙරේසා මේ ප්‍රකාශ කර ඇති බව සඳහන්.

තෙරේසා මේ කලාපයේ ආරක්ෂාව සහ සමෘද්ධිය සඳහා ජෝර්දානයට මෙන්ම සෞදි අරාබියාවටද බ්‍රිතාන්‍යයේ සහාය ලබාදීමට පියවර ගන්නා බව පවසා සිටී.

බ්‍රිතාන්‍යයේ විශාලතම වෙළෙඳ සහකරු ලෙස මෙන්ම වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කරන රාජ්‍යය ලෙස සෞදි අරාබියාවද එසේම කලාපයේ තවත් ප්‍රබල රාජ්‍යයක් වන ජෝර්දානයද ආර්ථික සහ ආරක්ෂාව අතින් ස්ථාවර වීම ඉදිරියේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වුවද බ්‍රිතාන්‍ය ආර්ථිකයේ ආරක්ෂාව සඳහා ප්‍රබල පිටිවහලක් බව දේශපාලන විචාරකයන්ගේ මත වන බවද විදෙස් වාර්තා පවසයි.

(ADS)