FAST NEWS

24×7 Around the Globe

“මහින්දට වෙන්නේ අඬන්න…”

පෝය දෙකකට පසු ආණ්ඩුව ගන්නා බව කියන මහින්ද රාජපක්ෂ මහතාට පෝය දෙකකට පසු සිදු වෙන්නේ ඇඬීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කිරිබත්ගොඩ දී ඊයේ (03) හවස පැවැති අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සංවිධාන කළ එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක් වෙමිනි.

‘දැන් කියනවා පෝය දෙකක් යන්න කලින් ආණ්ඩුව ගන්නවලු. පෝය දෙකක් යන්න කලින් රජයේ සංවර්ධන වැඩසටහනේ මූලික ප්‍රතිඵල ලැබෙන විට මහින්ද රාජපක්ෂ මහතාට සිදු වන්නේ අඬන්න’ යැයි අගමැතිවරයා එහිදී කීය.

මේ පෝය නොව ඊළඟ ‍පොයෙන් පසු ආණ්ඩුව ගන්නා බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි කී අගමැතිවරයා, මාරයාගේ දියණියන් තිදෙනා ද වෙසක් පෝයට පෙර දින රැඟූවත් එයින් ඵලක් නොවූ බව ද පැවසිය.