FAST NEWS

24×7 Around the Globe

විරාත් කෝලිගේ අයී.පී.එල් නායකත්වය වොට්සන්ට පවරයි..

2017 අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ රෝයල් චැලේන්ජස් බැංග්ලෝර් කණ්ඩායමේ තාවකාලික නායකයා ලෙස ඔස්ටේ‍්‍රලියානු තුන් ඉරියව් ක‍්‍රීඩක ශේන් වොට්සන් නම් කිරීමට එහි කළමණාකාරීත්ව තීරණය කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.

බැංග්ලෝර්  කණ්ඩායමේ නිත්‍ය නායක විරාත් කෝලි පසුගිය ඔස්ට්‍රේලියා තරගාවලියේදි ආබාධයකට ලක් වු එය සුව අතට පත් නොවීම හේතුවෙන් ඔහුට අයි පී එල් තරගාවලියේ මූලික වටයේ තරග කිහිපයක් අහිමී වීම මීට හේතුව ලෙස සඳහන්.

ඒ අනුව, තාවකාලික නායකයා ලෙස ශේන් වොට්සන් පත් කිරිමට රෝයල් චැලේන්ජස් බැංග්ලෝර් කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගත්තා.

අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය හෙට (05) සන් රයිසස් හයිද්‍රාබාද්  කණ්ඩායම සමග ආරම්භක තරගයේ බැංගලොර් නායකත්වය ශේන් වොට්සන්ට හිමීවනු ඇත.

(ADS)