FAST NEWS

24×7 Around the Globe

සෝනු හා සචින් අතගැසූ අළුත් වැඩේ අන්තර්ජාල ජනප්‍රියත්වයට.. (වීඩියෝ)

ඉන්දියාවේ දක්ෂතම ගායකයෙකු ලෙස සැලකෙන සෝනු නිගම් සමග සචින් ටෙන්ඩුල්කාර් ගැයූ ‘ක්‍රිකට් වාලී බීට්’ (Cricket Wali Beat) ගීය මේ වන විට අන්තර්ජාලය ඔස්සේ අතිජනප්‍රියත්වයට පත්ව තිබේ.

මෙම ගීතය එළිදක්වා තිබුණේ පසුගිය සෙනසුරාදා දින පැවති ඉන්දීය රියැලිටි රූපවාහිනී වැඩසටහනකදී වන අතර පසුගිය සතියේදී අන්තර්ජාලයේ පැතිරගිය ඡායාරූපයක් හේතුවෙන් සෝනු නිගම් හා සචින් ටෙන්ඩුල්කාර් අළුත් වැඩකට අතගැසීමට නියමිත බවටද රාවයක් පැතිර ගොස් තිබුණි.

එසේම මයික්‍රොෆෝනයක් ඇතැති සචින් හා ක්‍රිකට් පිත්තක් අතැති සෝනු පසුපසට හැරී සිටින ඡායාරූපයක් මීට හේතු විය.

ගීතය පිළිබඳව අදහස් දක්වමින් සෝනු නිගම් පවසා සිටියේ සචින් ගේ නව ඉනිමට සම්බන්ධ වීමට හැකි වීම පිළිබඳව තමා බෙහෙවින් සතුටු වන බවත් හා සචින් විසින් ගීතය නිවැරදි ස්වරයෙන් ගායනා කිරීම පිළිබඳව තමා පුදුම වූ බවත්, ඔහුගේ මෙම දක්ෂතාවය හේතුවෙන් ස්වර නිවැරදි කිරීම සඳහා තාක්ෂණික සහය උපයෝගී කරගැනීමට අවශ්‍ය නොවූ බවත් සෝනු වැඩිදුරටත් පවසා ඇත.

ඔවුන් ගැයූ ‘ක්‍රිකට් වාලී බීට්’ ගීය පහතින්..