FAST NEWS

24×7 Around the Globe

මහින්ද ආණ්ඩුවේ රහසක් පාඨලී හෙළි කල හැටී…

හම්බන්තොට වරාය පිළිබඳව විධිමත් ආර්ථික ඇගයිමක් සිදු නොවුණ බවත් රටේ අනාගතය තීරණය වන මෙම කාරණය ණය බරින් මදක් නිදහස් වීමට ගනු ලබන උපක්‍රමයක් ලෙස භාවිත නොකළ යුතු බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කරන ලදි.

එසේම පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, කොළඹ දකුණු වරාය, වරාය නගරය හා නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය විදේශීය කළමණාකාරිත්වයට පැවැරීමට තීරණය කර තිබුණ බවත් ඔහු මෙහිදී හෙළි කර තිබේ.

නව රජයද ඒ මාර්ගයේ නොයා යුතු බව හම්බන්තොට වරාය හා මගේ නිර්දේශය නමින් සිය ට්විටර් ගිණුමට ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

හම්බන්තොට වරාය චීනයට පැවැරීමට අදාළව ගිවිසුම සකස්කරන කමිටුවෙන්ද අමාත්‍යවරයා පසුගියදා ඉවත්විය.