ආක්ෂා සුදාරි යනු තරුණ තරුණියන් අතර ජනප්‍රිය චරිතයක් වන අතරම කාලෙන් කාලෙට විවිධ පුවත් මවන්නියක්ද වේ. එසේම ඇය සමග කළ කතාබහකදී ඇය මීට පෙර නොපැවසූ වදන් කිහිපයක්ද දැන ගැනීමට ලැබුන අතර එම සංවාදය පහත පරිදි වේ.
කාලෙකට පස්සේ ආයෙත් වැඩ පටන් අරන් වගේ?
මම කලාවෙන් ඉවත් වෙලා හිටියේ නැහැ. මගේ ව්‍යාපාර කටයුතු නිසා සම්බන්ධ වුණේ අඩුවෙන්. පසුගිය කාලයේ ඉන්දියාවට ගිහින් මගේ ෆිගර් එකත් හදාගෙන බැක් ටු ට්‍රැක් කියලා මේ දවස්වල බොහොම ආසාවෙන් මියුසික් වීඩියෝස් වගයක වැඩ කරගෙන ෂේප් එකේ ඉන්නවා.
ආක්ෂාගේ කැලඹිලි සමය නිමා වෙලාද?
කොහොම නිමා වෙන්නද? මිනිස්සු හැමදාම මොනවාහරි කියාගෙනමයි ඉන්නේ. නමුත් නැව ගිලුනත් ආක්ෂා බෑන් චූන්. මගේ ජීවිතේ සාමාන්‍ය විදියට හිනාවෙලා ඉන්නවා. මම ශක්තිමත් ගැහැණියක් නිසා කිසිම ගැටලුවක් නැතුව ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න මට පුළුවන්.
ජනප්‍රියත්වය වෙනුවෙන් කතා මවන්න ආක්ෂා හරි ජනප්‍රියයි කියන්නේ ඇත්තද?
අනේ ඒක නම් අමූලික බොරුවක්. මට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. ගොසිප් හදාගන්න. සාමාන්‍යයෙන් මං මොනවා හරි කළත් මිනිස්සු ඒක ගොසිප් එකක් විදියට හදාගන්නවා. ඉතින් මිනිස්සුම හදාගෙන ගොසිප් දාගන්නවා මිසක් මටනම් එහෙම අවශ්‍යතාවක් නැහැ.
ඇයි ඉතින් ආක්ෂාට මෙච්චර ගොසිප් හැදෙන්නේ?
ක්ෂේත්‍රෙයේ වැඩ පටන් ගත්ත දවසේ ඉඳන් මට ගොසිප් ගොඩක් හැදුනා. තවමත් එහෙමමයි. මං හිතන්නේ ජනප්‍රිය වෙන්න වෙන්න මගේ පෞද්ගලික ජීවිතය ගැන මිනිස්සු හොයනවා වැඩියි වගේ.
ආක්ෂා කියන්නේ ඕනෑම දෙයක් කරන කෙනෙක්ලු නේද?
හිතෙන හැම දෙයක්ම කරන කෙනෙක් තමයි. හැබැයි දෙපාරක් නැහැ. එකපාරයි හිතන්නේ. හිතපු වෙලාවේ ඒක හරි කියලා හිතුනොත් කරනවා.
ආක්ෂා ගෙවන්නේ සුඛෝපභෝගී ජීවිතයක්. කොහෙන්ද මෙච්චර සල්ලි?
මම වෘත්තීමය රංගන ශිල්පිණියකට වඩා ව්‍යාපාරික කාන්තාවක්. මේ සියල්ල මට ලැබුණේ මගේ ව්‍යාපාරයෙන්.
ආක්ෂාගේ අරමුණ මුදල් විතරද?
ඔව්. අනිවාර්යෙන්ම සල්ලි විතරයි. මම සල්ලි වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරනවා. ගොඩක් මහන්සි වෙනවා. මගේ ජීවිතේට සල්ලි තමයි අත්‍යවශ්‍යය. කලින් එහෙම හිතුවෙ නෑ. නමුත් දැන් හිතනවා. සල්ලි තියෙනවානම් අම්මා තාත්තා හැර හැමදේම ගන්න පුළුවන්. හැබැයි දැන් අම්මා තාත්තා වුණත් සල්ලිවලට ගන්න පුළුවන් වෙයි.
ආදරයත් එහෙම ගන්න පුළුවන් කියලද ඔබ ඔය කියන්න හදන්නේ?
අනිවාර්යයෙන්ම. සල්ලි තියෙනවා කියන්නේ හැමදේම ළං වෙනවා.
ආක්ෂා දැන් පෙම්වතියක් නෙමෙයිද?
නැහැ. මට දැන් පෙම්වතියක් වෙන්න ඕනේ නැහැ. මම ආයිත් ආදරය කරන එකක් නැහැ. මම ආදරය කරපු කෙනාට මං ගොඩක් ආදරෙයි. එතනින් එහාට මම ආදරය කරන එකක් නැහැ. දැන් අරමුනු කරන්නේ මගේ වැඩ සහ මගේ ටාර්ගට්ස් ගැනයි.
කවුද අප්පේ තවමත් හිතේ ඉන්න ආක්ෂාගේ ආදරය හොරා ගත් කෙනා?
මම මෙහෙම කිව්වාම දන්නවා කවුරු ගැනද මේ කියන්නේ කියලා. ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.