FAST NEWS

24×7 Around the Globe

අයි.එස් නියෝජ්‍ය නායකයා මරුට..

ඉරාක ගුවන් හමුදාව එල්ල කරන ලද ප්‍රහාරයකින් අයි.එස් ත්‍රස්ත සංවිධානයේ නියෝජ්‍ය නායකයා වශයෙන් සැලකු අයේද් අල්- ජුමයිලි, ජීවිතක්ෂයට පත්වී ඇති බව ඉරාක බුද්ධි අංශ සානාථ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

නමුත් ඉරාක රාජ්‍ය රූපවාහිනිය මගින් විකාශනය කරන ලද මෙම ප්‍රවෘත්තිය සනාථ කිරීම සදහා සිකුරාදා සවස වන තෙක් සාක්ෂි නොතිබු බව ඇමරිකානු සහයලත් අයි.එස් විරෝධි සන්ධානය ප්‍රකාශ කර තිබේ.

ඉරාක ගුවන් හමුදාව එල්ල කරන ලද ගුවන් ප්‍රහාරය හේතුවෙන් ජුමයිල් සහ අනිකුත් අයි.එස් ත්‍රස්ත නායකයින් සිරියානු දේශසීමාව ආසන්නයේදී ජීවික්ෂයට පත්වූ බව ඉරාක හමුදා බුද්ධි අංශ මාධ්‍ය ප්‍රකාශක රොයිටර් පුවත් සේවයට පවසා ඇති බව වැඩි දුරටත් සඳහන්.

(ADS)