FAST NEWS

24×7 Around the Globe

කොට සාය අධිකරණය දක්වා දුර දිග යයි…

කොට සාය ඇඳ අශෝභන ලෙස ගමන් කළේ යැයි චෝදනා ලැබූ මොරොක්කෝ කතුන් දෙදෙනෙකු එම චෝදනාවලින් නිදහස් වී තිබේ.

ඔවුන්ගේ නීතීඥයන් පෙන්වා දෙන පරිදි පසුගිය ජූනි 16 වැනිදා වෙළෙඳ පොළක් ආසන්නයේදී මොවුන් මෙම චෝදනාවට ලක්ව, පසුව අධිකරණය දක්වා මෙය දුරදිග ගොස් තිබේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මොරොක්කෝව තුළ දැඩි ආන්දෝලනයක් ඇති වෙමින්, මේ සම්බන්ධයෙන් අන්තර්ජාල පෙත්සමක්ද අත්සන් කර ඇත්තේ ඕනෑම අයෙකුගේ පෞද්ගලික නිදහසට බාධාවක් කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව පවසමිනි.

එහිදී, එම කාන්තාවන් වෙනුවෙන් නීතීඥයන් සිය ගණනක්ද පෙනී සිට ඇති බවත් මොරොක්කෝවෙන් වාර්තා වෙයි.