FAST NEWS

24×7 Around the Globe

බංගලාදේශයට එරෙහි විස්සයි 20 සංචිතය නම් කෙරේ – මාලිංග ඇතුලට..

සංචාරක බංගලාදේශ කණ්ඩායමට  එරෙහිව 04 වැනිදා  ආරම්භ වන තරග දෙකකින් සමන්විත විස්සයි 20 තරගාවලිය සඳහා වු ශ්‍රී ලංකා සංචිතය අද (02) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිළ වශයෙන් නිවේදනය කර සිටියේය.

එ අනුව ලසිත් මාලිංග සංචිතයට කැඳවා ඇති අතර කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් ද විස්සයි20 සංචිතයෙන් ඉවත්කර තිබේ.    

සංචිතය

උපුල් තරංග (නායක), දිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, ලසිත් මාලිංග, සඳුන් වීරක්කොඩි, ඉසුරු උදාන, නුවන් කුලසේකර, දසුන් චානක, විකුම් සංජය, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, සීකුගේ ප්‍රසන්න, චාමර කපුගෙදර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන් සහ ෂෙහාන් ජයසූරිය

(ADA)