FAST NEWS

24×7 Around the Globe

නිරෝෂන් දික්‌වැල්ලට සති තුනකට පිටිය අහිමී වෙයි..

දඹුල්ලේ පැවැති පුහුණු සැසියක්‌ අතරතුරදී පන්දුවක්‌ වැදීමෙන් අතේ ආබාධයකට ලක්‌වූ නිරෝෂන් දික්‌වැල්ලට සති තුනක කාලයක්‌ යන තුරු ක්‍රිකට්‌ පිටියට පිවිසීමට නොහැකි බව වෛද්‍යවරු පවසා තිබේ.

ඒ අනුව ඔහුට යළිත් ශ්‍රී ලංකා කණ්‌ඩායමට එක්‌වීමට හැකි වන්නේ එළැඹෙන ජුනි මස පැවැත්වෙන චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින තරගාවලියේ සිටය.

බංග්ලාදේශය සමග විස්‌සයි විස්‌ස තරග දෙක ක්‍රීඩා කිරීමටද නිරෝෂන් දික්‌වැල්ල සූදානමින් සිටියත් පෙරේදා වෛද්‍යවරුන් කරන ලද ස්‌කෑන් පරීක්‍ෂණයකින් අනතුරුව ඔහුට සති තුනක කාලයක්‌ විවේක ගැනීමට නියම වී තිබේ.

එහිදී කිසිදු ශල්‍යකර්මයක්‌ සිදු නොකළද බිඳී ගිය අස්‌ථි සුව වීමට එම කාල සීමාව සෑහෙන බව වෛද්‍යවරු පෙන්වා දී තිබේ.

දඹුල්ලේ පැවැති දෙවැනි එක්‌දින තරගයද ක්‍රීඩා කිරීමට දික්‌වැල්ල සූදානමින් සිටියත් ඔහුගේ ආබාධය උත්සන්න වීමෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

මෙම මාසයේ පැවැත්වෙන පළාත් එක්‌දින තරගාවලියේදී නිරෝෂන් දික්‌වැල්ල යළිත් පිටියට පිවිසෙනු ඇතැයි කණ්‌ඩායම් කළමනාකාරීත්වය පවසයි.

(ADS)