FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපය හා එජාපය පුංචි ජන්දයටත් දීග යෑමට ගිවිසුමක් !

එක්සත් ජාතික පක්ෂයට වාසිදායක පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය එජාපයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසිදායක පළාත් පාලන ආයතන සඳහා එජාපයේ සහාය ශ්‍රී ලනිපයටත් ලබාදීමට ගිවිසුම්ගතවීමට යයි.

එ.ජා. පක්ෂයේ සහ ශ්‍රී ල.නි. පක්ෂයේ පසු පෙළ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් මේ පිළිබඳව සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර ගිවිසුමක් ඇති කරගෙන ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම හරහා සියලුම පළාත් පාලන ආයතනවල බලය යහපාලන රජය යටතට පත් කරගත හැකි වන බව මේ මන්ත්‍රි කණ්ඩායම තම පක්ෂ නායකත්වයට ළඟදීම කරුණු දැක්වීමට තීරණය කර ඇති බවද පැවැසේ.

යෝජිත සැලැස්මට අනුව පක්ෂ දෙකේම වඩා ජනප්‍රිය පුද්ගලයන් පළාත් පාලන ආයතනවලට තෝරා පත් කරගත හැකි බවද ඔවුහු පෙන්වා දෙති.

යහපාලන ආණ්ඩුව ඇති කරගෙන තිබෙන ගිවිසුම මේ හරහා තවත් බලගැන්වෙන බවත් පළාත් පාලන ආයතනවල බලය ආණ්ඩුව සතු වීමෙන් ප්‍රාදේශීය සංවර්ධන කටයුතු පහසුවෙන් සිදු කිරීමට ඉඩ සැලසෙන බවත් එම මන්ත්‍රි කණ්ඩායම පෙන්වා දෙති.

ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා ඡන්ද විමසීමේදී මේ ක්‍රියාමාර්ගය අනුගමනය කළ හැකි බැවින් පළාත් සභාවල බලයද තවදුරටත් රජය යටතේ පවත්වාගෙන යෑමට අවස්ථාව සැලසෙන බවද එම මන්ත්‍රි කණ්ඩායම නායකත්වයට කරුණු දැක්වීමට අදහස් කර ඇත.