FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී නිශාන්තට එරෙහිව රංගේ බණ්ඩාරගෙන් නඩූ..!

ආණමඩුව සමුපකාරයේ නිලවරණයේ ප්‍රතිපල වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගන්නැයි ප්‍රධාන ජන්ද නිලධාරිවරයා සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා වෙත නිර්දේශ කර තිබේ.

ඊයේ (30) පැවැති ජන්ද විමසීම අසාධාරණ අයුරින් පැවැති බවට වූ නිරීක්ෂණ මත පදනම්ව මෙලෙස තීරණය කර ඇත.

මේ අතර ඊයේ පැවැති ඡන්ද විමසීම නිසි පරිදි සිදු කර ගැනීමට නොහැකි වුයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසකගේ අවිසි මැදිහත්වීම හේතුවෙන් බව පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මෙම සමුපකාර ජන්දයේදී සැබෑ ජන්ද දායකයින් 600 ට පමණ ජන්ද අයිතිය අහිමි වී ඇති බවත් විනාශ වී ඇති ආණමඩුව සමුපකාරය ගොඩ නැගීමේ වෑයමට ප්‍රබල අභියෝගයක් එල්ල වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

ව්‍යාජ ලේඛණ පවා සකස් කරමින් මෙම ඡන්ද ව්‍යාපාරය සිදුව ඇති බවත් බණ්ඩාර අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම මෙම දූෂණ හා වංචාව සම්බන්ධයෙන් හා ඊට සෘජුව වගකිවයුතු සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට එරෙහිවත් ආණමඩුව සමුපකාර ඡන්දය සාධාරණ ලෙස නැවත පැවැත්වීමට අවස්ථාව උදාකරන ලෙසත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා බවද අද(31) දිනයේදී පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.