FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථානු කණ්ඩායමේ අහමඩ් ශේෂාඩ් අනතුරට පත්වූ හැටි මෙන්න.. (වීඩියෝ)

පාකිස්ථානු කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ(30) පැවති විස්සයි විස්ස තරඟය අතරතුර පාකිස්ථානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු අහමඩ් ශේෂාඩ් අනතුරකට පත්ව තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ චඩ්වික් වෝල්ටන් ලකුණක් සඳහා දිව යන අවස්ථාවේ පන්දු රකිමින් සිටි අහමඩ් ෂෙෂාඩ්ගේ හැපීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

පසුව ඒ මොහොතේ අසාධ්‍ය තත්වයක් පෙන්වූ ශේෂාඩ් ඇම්බියුලන්ස් රථයකින් රෝහල් ගත කිරීමට බළධාරීන් විසින් කටයුතු කෙරිණ.

කෙසේ වෙතත් රෝහල් ගතකර අහමඩ් ශේෂාඩ්ට කිසිදු ආබාධයක් නොමැති බව වෛද්‍යවරුන් පැවසීමත් සමග ශේෂාඩ් තරඟය නිම වීමටත් පෙර ක්‍රීඩාංගණය වෙත නැවත පැමිණියේය.

එසේම මෙම තරඟයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට පාකිස්ථානු කණ්ඩායම සමත් විය.

වීඩියෝව හා ඡායාරූප පහතින්..

3EC90F6C00000578-4366172-image-a-46_1490910536279

3EC90C8400000578-4366172-image-a-50_1490910552805

3EC91BE100000578-4366172-image-a-48_1490910546391

3EC9204000000578-4366172-image-a-45_1490910527675

3EC9235800000578-4366172-image-a-49_1490910546414