FAST NEWS

24×7 Around the Globe

වත්මන් කණ්ඩායම ගැන සංගාගෙන් ලෝලියෙකුට සැර උත්තරයක්…

ක‍්‍රිකට් යනු ඕනෑම එකොළොස් දෙනෙකුට ක‍්‍රීඩා කළ හැකි ක‍්‍රීඩාවක් නොවන බවත් හා තරගයක් ජය ගැනීමට නම් හොඳම ක‍්‍රීඩකයින් 11 දෙනෙකු එක්ව ක‍්‍රීඩා කළ යුතු බව ඊයේ(30) පැවති උත්සවයක දී ක‍්‍රීඩා ලෝලියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් කුමාර් සංගක්කාර අදහස් පල කලේය.

වත්මන් කණ්ඩායමේ පසුබෑමට ද මෙය හේතුවක් විය හැකි බවට කුමාර් සංගක්කාර පෙන්වා දී ඇති අතර වත්මන් දේශීය ක‍්‍රිකට් සැකැස්ම අනුව දක්ෂයන් තෝරා ගැනීම අපහසු බවත්, එම සැකැස්ම නිවරැදි විය යුතු බවත් ඔහු පැවැසීය.

දක්ෂතාව අතින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඉදිරියෙන් සිටිය ද ඔවුන් තරගවල දී දක්ෂතා දක්වන ආකාරය අනුව ජය පරාජය තීරණය වන බවද සංගක්කාර පෙන්වා දෙන ලදි.