FAST NEWS

24×7 Around the Globe

ප්ලාස්ටික් සැත්කම් ගොඩක් එකවර කරගන්න ගිය යුවතියට අත්විදීමට සිදු වූ දේ.. (වීඩියෝ)

පිලිපීනයේ මැනිලා නුවර ජිවත් වූ 29 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් වන ශිර්ලි සටුර්නිනෝ හට රුපලාවන්‍ය පිලිබඳ විශාල උනන්දුවක් තිබුණු අතර ඇය ලස්සන වීමට නොකළ දෙයක් නොමැති බවද වාර්තා විය.

පහුගිය ඉරිදා ඇය රූපලාවන්‍ය සැත්කම් කරන තැනකට යන්නේ තොල් සඳහාත්, පියයුරු සහ නිතඹ සඳහාත් ප්ලාස්ටික් සැත්කම් කිහිපයක් කරගන්නය.

මේ සැත්කම් තුනම ඒකම දවසේ කරගැනීමට ඇයට අවශ්‍යව තිබූ අතර රුපලාවන්‍ය ආයතනයත් එයට එකඟව ඇති අතර ඒ අනුව ඇයට සැත්කමට අවශ්‍ය බෙහෙත් මුලින් ම එන්නත් කෙරී තිබේ.

ඉන් පසුව පළමුවෙන්ම සිදු කිරීමට පටන්ගෙන ඇත්තේ තොල් සඳහා සැත්කම වන අතර නමුත් සැත්කම අතරතුර එක පාරටම ශිර්ලි මියගිගොස් තිබේ.

ඇයට වූයේ කුමක්දැයි තවමත් සොයාගෙන නැතත්, අනුමානන් කරන්නේ නම් ප්ලාස්ටික් සැත්කම් කිහිපයක් එකවර කරන්න යාම නිසා ලබා දුන් එන්නත් ප්‍රමාණය ඇගේ සිරුරට දරාගැනීමට නොහැකිව ඇති යන්නය.

පවුලේ අය එකහෙලාම චෝදනා එල්ල කරනුයේ මේ රුපලාවන්‍ය ආයතනය, එකවර මෙවැනි සැත්කම් කරන්න බැරිබව ඇයට කියන්න උත්සහ නොකලේ සල්ලිවලට තන්හාවෙන් සිදුකළ ක්‍රියාවක් වීම නිසා ශිර්ලිට ජීවිතය අහිමි වූ බවය.

වීඩියෝව පහතින්..