සැම්සුන්ග් සමාගම විසින් නිර්මාණය කළ නවතම ඡංගම දුරකතනය වන සැම්සුන්ග් galaxy s8 හා s 8 plus ලබන අප්‍රේල් 28 වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබේ.
මීට පෙර නිකුත් කළ දුරකථන වලට අමතරව මෙහි සුවිශේෂි පහසුකම් රාශියකින් සමන්විත වන අතර මෙහි පසුපස කැමරාව මෙගා පිස්කල් 12කිනුත් ඉදිරිපස කැමරාව මෙගා පිස්කල් 8කිනුත් යුක්ත වේ.
ජලයට හා දූවිල්ලට ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය කර තිබෙන මෙය එච්.ඩී. තාක්ෂණයෙන් නිපදවා තිබේ.
එසේම එස් 8 දුරකතනයේ තිරය අඟල් 5.8ක් වන අතර එස් 8 ප්ලස් හි තිරය අඟල් 6.2කි.









