FAST NEWS

24×7 Around the Globe

සුරූපි නවක නිළි ඩිෂාට ඉව වැටී ආ තරුණයාට ලැබුන ප්‍රතිචාරය…

මෑත කාලීනව තෙලිඟු සිනමාවෙන් බොලිවුඩ් සිනමාවට සංක්‍රමණයවූ සුරූපි නවක නිළියක වන ඩිෂා පටානි පසුගිය දිනවල බොලිවුඩය කළඹවා තිබුනේ MS Dhoni: The Untold Story චිත්‍රපටය සහ ඒ සමගම නිකුත්වූ ඇගේ සරාගී ඡායාරූප නිසාය.

තවමත් ප්‍රධාන තලයේ චිත්‍රපට දෙකක පමණක් රඟපා ඇති නමුත් ඇය අතිශය ආකර්ෂණයට ලක්වූ නිළියක බවට පත්ව තිබෙන අතරවාරයේ ඇය පසුපස එළවමින් ඇයට අසාමාන්‍ය ලෙස ළංවන්නට උත්සාහ දරන තරුණයෙකු නිසා පෙරේදා(28) කලබලයක් හටගෙන තිබේ.

එම තරුණයා ඇය  ෂූටින් යමින් සිටියදී හා සාප්පු යාමේදී හා මිතුරන් හමුවෙද්දී පසුපසින් එන බවට ඇයට ඉව වැටී තිබෙන අතර පෙරේදා නවදිල්ලියේ ඇය ගමන් කළ  බව කියන හෝටලයකට ඇතුලු වන්න උත්සාහ දරද්දී ආරක්ෂක අංශ ඔහුව නවතා ප්‍රශ්න කිරීමේදී ඔහු කලබලයක් ඇති කර තිබේ.

ඔහු පවසා ඇත්තේ තමාට ඩිෂා කෙසේ හෝ හමුවන්නට අවශ්‍ය බව වන අතර එම අවස්ථාවේ හෝටල් බලධාරීන්ට මෙම පුද්ගලයාගේ උමතු හැසිරීම ගැන ඩිෂා විසින් වාර්තා කරන ලදුව පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්වූ බව වාර්තා විය.