FAST NEWS

24×7 Around the Globe

බැංගලෝර් නායක විරාත් කෝලීට IPL අහිමී වෙයි..

සිය උරහිසේ අබාධයක් හේතුවෙන් අප්‍රේල් මස 05 වැනි දින ආරම්භ වීමට නියමීත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මුහුණ දෙන මුල්  තරග තුන එම කණ්ඩායම් නායක විරාත් කෝලී හට අහිමී වී තිබේ.

පසුගියදා ඔස්ට්‍රේලියාව සමග පැවැති අවසන් එක්දින තරගය අතරතුර පන්දු රකිමීන් සිටිය අතරවාරයේදී කෝලී මෙම අබාධයට ලක්විය.

සිය අබාධය සම්පුර්ණ සුව විමට තවත් සති කිහිපයක් ගතවනු ඇති බව වෛද්‍යවරු සඳහන් කළ බව සිය අබාධයේ තත්වය පිළිබඳ මාධ්‍ය හමුවේ කරුණු දක්වමීන් විරාත් කෝලී සඳහන් කර තිබේ.

එ අනුව සති කිහිපයක් විවේක ගැනීමට සිදුවීම හේතුවෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අප්‍රේල් මස 05 සහ 08,10 මුහුණ දිමට නියමීත තරගාවලියේ මුල් තරග තුන විරාත් කෝලී හට අහිමී වනු ඇත.

(ADS)