FAST NEWS

24×7 Around the Globe

බුහාරි බත් පිඟානෙන් මතු වූ කෘමියා නිසා සිදු වූ දේ..

සෞදි අරාබියේ උතුරු දිග හේල් පළාතේ පිහිටා ඇති ප්‍රසිද්ධ අපනශාලාවක් පනවා ඇති සෞඛ්‍යාරක්ෂිත නීතිරීතීන් බරපතල ආකාරයෙන් උල්ලංඝනය කරමින් විකුණන ලද බුහාරි බත් පිඟානක කෘමි සතෙකු හමුවීම නිසා එම අපනශාලාව වසා දැමීමට එම පළාතේ නගර සභා සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බව සදහන් වේ.

ආපන ශාලාව සතු සියළුම ආහාර තොග සහ අනිකුත් උපකරණ රාජසන්තක කිරීමට නියෝග කර ඇති අතර හිමිකරුට විශාල දඩ මුදලක්ද නියමකර තිබේ.

එසේම පරීක්ෂණ කටයුතු අවසන් වනතෙක් ආපන ශාලාව වසා දැමීමට නගර සභා සෞඛ්‍ය බලධාරීන් නියෝග කර ඇති බව සදහන්ය.

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)