FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය මොටර් රථ ලියාපංදිචියට අධිකරණයෙන් තහනමක්

ඉන්දීය පරිසර දූෂණ පාලන අධිකාරිය ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බලා, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වායු විමෝචනය (BS)-III මට්ටමේ පවතින මෝටර් රථ ලියාපදිංචිය තහනම් කරමින්  විසින් ඊයේ (29) දිනයේ නියෝගයක් නිකුත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

මෙමෙ හේතුවෙන් ඉන්දීය මෝටර් රථ නිෂ්පාදන සමාගම් ගණනාවක්ම බරපතළ අර්බුදයකට ලක්ව ඇති බවත්, මේ හේතුවෙන් එම සමාගම් ගබඩාවල ඇති නිෂ්පාදන ඒකක අට ලක්ෂයක් පමණ අලෙවි කිරීමට ඇති අවස්ථාව නොළැඹ් ඇති බවද සඳහන්.

2017 අප්‍රේල් 01 වැනි දින සිට ක්‍රියත්මක වන පරිදි වායු දූෂණය සම්බන්ධයෙන් ඉන්දීය නගර බොහොමයකම පනවා ඇති නීති අලුත් කර ඇති අතර මේ අනුව මෝටර් රථවල වායු විමෝචන පරිසාධන මට්ටම BS-IV විය යුතු බවට නියම කර ඇත.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය  ප්‍රකාශයට පත් කර ඇති මෙම මෙම තීන්දුවට බොහෝ මෝටර් රථ නිෂ්පාදකයින් මේ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර ඇතැයිද වාර්තා වේ.

(ADS)