FAST NEWS

24×7 Around the Globe

අනුරාධපුර රෝහ‍ලේ හෙද නිලධාරිනියක් වඳුරකුට එරෙහිව පොලිසියට…

අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ හෙද නිලධාරිනියක ලෙස පුහුණු වන බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් විසින් වඳුරකු විසින් පැහැරගෙන ගිය තම ජංගම දුරකථනය ලබාදෙන ලෙස ඉල්ලා අනුරාධපුර සංචාරක ‍පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

මෙය තරුණිය නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරයට කඩා වැදුණු වඳුරු රංචුවක් අතර සිටි එක් වඳුරකු විසින් මේසයක් මත තිබුණු ජංගම දුරකථනය රැගෙන පලා ගිය බව ඇයගේ පැමිණිල්ලේ සඳහන් වේ.

එම ජංගම දුරකථනයේ වටිනාකම රුපියල් 5000ක් පමණ වන බව පැමිණිල්ලේ සඳහන් වන අතර මේ දක්වා ඇයගේ ජංගම දුරකථනය හමු නොවුණු බවද ‍පොලිසිය පැවැසීය.