FAST NEWS

24×7 Around the Globe

බැග්ඩෑඩ් නුවර බෝම්බ ප්‍රහාරයකින් 15 ක් මරුට…

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පොලිස් මුරපොළකට එල්ල වු බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනකු පමණ මියගොස් පුද්ගලයින් 40ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මරාගෙන මැරෙන ප්‍රහාරකයකු විසින් පදවාගෙන පැමිණි ඉන්ධන ප්‍රවාහන රථයක බෝම්බය අටවා තිබී ඇති බවද සඳහන්.

ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති නමුත් අයිඑස් සංවිධානය විසින් මෙවැනි ආකාරයේ ප්‍රහාර නිරතුරුවම එල්ල කරන අතර මොසුල් නගරය අයිඑස් ග්‍රහනයෙන් මුදවා ගැනීමට ඉරාක හමුදා දියත් කළ දැවැන්ත මෙහෙයුමට පසුව  මෙම ප්‍රහාරය එල්ල වූ බව බැග්ඩෑඩ් බලධාරීහු පවසති.

(ADS)