FAST NEWS

24×7 Around the Globe

SEX සර්ච් කරල එක වුන ලංකාවේ බිකිණියක් ඇඳගෙන රඟපෑම ගැන ඕෂධී කියයි..

මේ සති අන්තයේ රිවිර- රිවිසරසි පිටු අතරට ඕෂධී හිමේෂාගේ කතාබහක් එක්ව තිබේ.

“ආශාවරී ගීතයේ වීඩියෝවට කළ රංගනය ගැන හුඟක් බැණුම් ඇහුවා. බැණුම් වගේම හොඳත් ඇහුවා. මම වගේ කාන්තාවක් ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ නිර්මාණයක් තුළ පෙනී ඉඳීම ගැන හුඟක් අය ප්‍රශංසා කළ අයත් හිටියා.”

“මිනිස්සුන්ගේ බැණුම් මට අදාළ නැහැ කියන්නත් බැහැ. ‘ඒ වගේ වැඩ කරන්න එපා’ කියලා කවුරු වුණත් මට කියන්නේ මට තියෙන ආදරේටනේ. ඒ නිසා ඒ ආදරණීය බැණුම් මට වටිනවා. ෆෑස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයේ හුඟක් ක්‍රම හරහා මිනිස්සු මට බැණලා තිබුණා. ඒ හැමෝටම මම කියන්නේ ‘තැන්ක්යූ’ කියලා.” අඩනිරුවතින් රඟපාලා හිට් වෙන්න ඕනකම මට තිබුණෙ නැහැ. මම ඒ වීඩියෝවේ අදහසට ආසයි. ඒකේ රඟපාන්න භාරගත්තේ ඒ නිසා. ” රඟපෑව දර්ශනය ගැන අද පසුතැවීමක් නෑ.

ලංකාව කියන්නේ “සෙක්ස්” කියන වචනය සර්ච් කරලා ලෝකයේ අංක එකට ආපු රට. එහෙව් රටක මිනිස්සුන්ට බිකිණියක් ඇඳගෙන රඟපාන එක මැජික් එකක් වෙන්න පුළුවන්ද?

අනික මම පුද්ගලිකව දන්නවා ඒ දර්ශනතලයේ මම කවුරුත් එක්කවත් වැරදි හැසිරීමක නිරත වුණේ නෑ කියලා. ඒක කැමරාව ඉදිරිපිට කළ රඟපෑමක් විතරයි. ඒ නිසා කිසිම පසුතැවීමක් නෑ.”