FAST NEWS

24×7 Around the Globe

හොරුන්ට දඬුවම් කළේ බණ්ඩාරනායක මහත්තයා විතරයි.. !

“චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුවේ ඉඳනුත් සමහරුන් හොඳට ගසා කෑවා. ඒ කට්ටිය ඔක්කොම  ටික මහින්ද රාජපක්ෂ මැතිතුමා වටේ වහලා ඒකෙනුත් කෑවා. හැබැයි දැන් ඉස්සරහට තියෙන ඒවා කන්න එන්නෙත් උන්ම තමයි. S.W.R.D. බණ්ඩාරනායක මහත්තය විතරයි මේ රටේ හොරුන්ට දඩුවම් කළේ. වෝල්ටර් තලගොඩපිටිය කොමිසම කියලා එකක් දාලා ඒ ආණ්ඩුවේ හිටපු  ඇමතිවරු පස් දෙනෙක්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරා. එයින් පස්සේ ශ්‍රී ලංකා ආණ්ඩුවක්වත් එක්සත් ජාතික පක්ෂයවත් හොරුන්ට දඩුවම් කලේ නැහැ. හොරුන්ව රැක්කා විතරයි.“

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා බෙන්තර – ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා බලමණ්ඩල රැස්වීම අමතමින් එම අදහස් ප්‍රකාශ කලේය.