FAST NEWS

24×7 Around the Globe

ටෙලි නිළි මේනකාගේ විවාහයත් දෙදරයි- අලුත් මනාලයා ලංකාවේ නළුවෙක්.. (ඡායාරූප)

ටෙලි නිළි මේනකා පීරිස් 2014 වසර අගදී විවාහ දිවියට පිවිසියේ නෝර්වේ රාජ්‍යයේ වාසය කරන ශ්‍රී ලාංකික තරුණ සහකාර මහාචාර්යවරයෙකු වූ අමර් සමගිනි.

විවාහය කිට්ටුවී ඇය තම රසිකයින්ට මනාලයා හඳුන්වා දී තිබුනේ මෙසේය.

‘එයා අමර්. ඉන්නෙ නෝර්වේ වල.එහේ විශ්ව විද්‍යාලයක සහකාර මහාචාර්යවරයෙක්. ඒවගේම එයා තෙල් සමාගමක ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක්. අපි දෙන්නා දැනගෙන හරියටම මාස 9යි. විවාහය තීරණය කළේ දැනගෙන මාසයකින්.යෝජනාවකින් අපි අඳුනගත්තෙ. පෙබරවාරි මාසේ 21 වනදා යෝජනාව ආවේ.

අපි දවස් ගාණක් ස්කයිප් එකින් කතා කළා. හැබැයි වීඩියෝ ඔන් කළේ නෑ. දවස් 4 කට පස්සේ තමා වීඩියෝ ඔන් කරලා දෙන්නට දෙන්නා දැක්කෙ. අපිට විවාහය කල්දාන්න  ඕන වුනේ නෑ. මාර්තු 21 වෙනකොට හොටෙලූත් බුක් කළා.

එයාව මට අඳුන්නල දුන්නෙ මගේ අම්මා. මං හෙව්වෙ සිගරට් අරක්කු බොන්නැති හොඳ ගතිගුණ තියන කෙනෙක්.එයා ඒ වගේ කෙනෙක්. මාත් එක්ක මුලින් කතා කරද්දි මං නිළියක් බව දැනගෙන හිටියෙ නෑ. එයා ලංකාවෙ වැඩි කාලයක් ඉඳල නැති නිසා. ඒත් නිළියක් බව දැනගත්තම කිව්වා බැන්දට පස්සේ ක්ෂේත‍්‍රයෙන් අයින් වෙලා නෝර්වේ පදිංචියට එන්න  ඕන බව. මං ඒ තීරණයට කැමතියි. මං පසුව රඟපෑමෙන් සමුගන්නවා.’

මේ ආකාරයට 2014 නොවැම්බර් මාසයේ කියූ මේනකා පසුව එම දෙසැම්බර් මාසයේම මහ ඉහළින් විවාහ උත්සවය ගත්තාය.

ඇයගේ විවාහයේ ප්‍රී වෙඩින් ෂූට්,වෙඩින්,හොම්කමිං තුනේම ඡායාරූප ගැලරි වෙබ් අඩවි වලද පළ විය.

විවාහයෙන් පසු ඇය විදේශ ගතවූ බවද සැබෑවක් වුවත් කෙසේ නමුත් මාස පහ හයක් යන්නට පෙර ඇය තනිව ලංකාවට පැමිණි අවස්ථාවේ පුවත්පත්වලට පවසා තිබුනේ සැමියාට එහේ වැඩ තිබෙන නිසා තමා තනිව ආ බවත් නැවත යන බවත්ය.

නමුත් ඇය දිගින් දිගටම ටෙලි නාට්‍ය භාරගෙන තිබූ අතර පසුගිය කාලයේ ඇය මතකයේ රැඳෙන ටෙලි චරිත ගණනාවකටද රංගනයෙන් දායක විය.

ඇය ඇගේ පුද්ගලික ජීවිතයේ ගැටලු තිබුණත් හෙළි නොකළ නමුත් කාටත් රහසේ මේනකා අමර් අතර සම්බන්ධයද බිඳ වැටී තිබේ.

ඔවුන් දික්කසාදයද ලබාගෙන ඇති අතර මේ වනවිට මේනකා තවත් අලුත් විවාහයකට සූදානම් වන බවත් ඔහු  නැටුම් පරම්පරාවකින් පැමිණ ටෙලි නාට්‍ය නළුවෙකුවූ රනිල් කුලසිංහ වන බවත් වාර්තා විය.

ක්ෂෙත්‍රයේදී හමුවූ ඔවුන් ළඟදී නැවත විවාහ වන්නටද සූදානම් වන අතර මෙයට පූර්ව සූදානමක් ලෙස පසුගිය දිනවල රූපවාහිනී කලා වැඩසටහන් වලට රනිල් කැටුව මේනකා පැමිණ තම ‘ආදර සම්බන්ධය‘ හෙළි කර තිබුණ නමුත් බිඳ වැටුණ සබඳතා ගැන කිසිවක් නොකියන්නට වග බලාගෙන තිබුණි.

විවාහ වූ අමර් හා ගත් ඡායාරූප..

Image result for menaka peiris separate

Related image

Image result for menaka peiris separate

Image result for menaka peiris going away

Image result for menaka peiris wedding pre shoot

Image result for menaka peiris wedding pre shoot

ටෙලි නාට්‍ය නළුවෙකුවූ රනිල් කුලසිංහ සමගින්..

Image result for ranil kulasinghe