තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාට පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවු අතර ඔහු එම කාලය ගත කලේ විස්සයි – 20 තරඟ වලට සහභාගී වෙමිනි.
එ අනුව ඔහු ඕස්ට්‍රේලියාවේ පැවති බිග්බෑෂ් තරඟාවලිය මෙන්ම පකිස්තාන සුපර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වු අතර එ හේතුවෙන් සිය හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට අවස්ථාවක් උදා වු බව තිසර පවසයි.
“ගොඩ කාලෙකට පස්සේ මට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාවක් ලැබිල තියනවා,මම ලංකාවට සෙල්ලම් කරපු නැති කාලේ මගේ ක්‍රිකට් නතර වුනේ නෑ. විස්සයි – 20 ලීග වල සෙල්ලම් කළා,එක මට ගොඩක් උදව්වුනා මගේ දක්ෂතා එක මට්ටමක පවත්වාගෙන යන්න.මම හිතන්නේ නැවත ලංකාවේ කණ්ඩායමට කැඳවන්නත් ඒ තරඟ වල පෙන්නපු දක්ෂතා තමයි හේතු වුනේ.”
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් තිසර ක්‍රිස් ගේල් මෙන් නිදහස් ක්‍රීඩකයෙකු වීමේ අදහසක් තිබේ දැයි ඇසු විට තිසර සඳහන් කර සිටියේ.
“ඇත්තටම මම ශ්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරන්න තමයි හැම වෙලාවේම උත්සාහ කරන්නේ,කණ්ඩායමේ නැති වෙලාවට මට ලැබෙන හැම තරඟයම මම සෙල්ලම් කරන්න උත්සාහ කරන්නේ මොකද මගේ රැකියාව තමයි ක්‍රිකට්”
ලෝකය පුරා තරඟාවලි ක්‍රීඩා කිරීමෙන් තිසර ලබන දේ පිළිබඳවත් ඔහු ප්‍රකාශ කර ඇත.
“ඇත්තටම විස්සයි – 20 ලීග වලට සෙල්ලම් කරන්නේ ලෝකයේ ඉන්න හොඳම ක්‍රීඩකයෝ,ඔහුන් එක්ක සෙල්ලම් කරලා ලබන අත්දැකීම් මිල කරන්න බෑ,අනිත් එක ශ්‍රී ලංකාවේ ගොඩක් ක්‍රීඩකයන්ට මේ අවස්ථාව ලැබෙන්නෙත් නෑ.”
පසුගිය කාලයේ පිතිහරඹය පිලිබදව වැඩි අවධානයක් යොමු කර පිට ඉන්න පැත්තේ පහරවල් එල්ල කිරීමේ තිබු අඩු පාඩු හදාගත් බවත්,පිතිකරණ අනුපිලිවලේ ඉහලින් අවස්ථාව ලැබෙන හැම අවස්ථාවකම තමන් සතුටු වන බවද තිසර පැවසීය.
මෙම වසරේ IPL අහිමි වීම පිළිබඳව දුකක් නැති බවත් වසර 7ක් IPL නිසා අලුත් අවුරුද්ද තම පවුලේ අය සමග සැමරීමේ අවස්ථාව අහිමි වුවද මේ වසරේ ඒ අවස්ථාව ලැබීම නිසා තමා සතුටු වන බවද තිසර වැඩි දුරටත් සඳහන් කළේය.
තිසර පෙරේරා බංගලාදේශ කණ්ඩායම සමග පැවැති පළමු එක්දින තරගයේදී පන්දු 35 කදී ලකුණු 55 ක් රැස් කර ගැනීමට සමත් විය.









