අද සැලසුම හා 2019 ලෝක කුසලානය වරම ගැන ගුරාගෙන් ප්‍රකාශයක්..
පළමු එක්දින තරගය බංගලාදේශය හමුයේ පරාජයට පත් වුවත් තරගාවලි ජය තවමත් විවෘතව ඇති බැවින් කණ්ඩායමේ දක්ෂතා මුවහත් කර ගනිමින් අද (28) තරගයේදී ජයග්‍රහණය උදෙසා සටනක් දීමට ශ්‍රී ලංකාව සැදී පැහැදී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මාධ්‍ය හමුවේ පැවසීය.
”අද තරගයේදී අපේ වෙනස්කම් කිහිපයක් සිදුවේවි. පළමු තරගය පරාජය වීමෙන් පීඩනය අපේ පැත්තට ආවා. නමුත් දැන් ඒ අඩුපාඩු නිවැරදි කරගෙන හොඳින් ක්‍රීඩා කරන්න ක්‍රීඩකයන් සූදානම්. මම හිතන්නෙ අපේ පන්දු රැකීම ගොඩක් දුර්වල වුණා. ඒ තරගයේදී පන්දු රැකීමේ ගොඩක් හිල් තිබ්බා. පන්දු ඕවර පනහේ තරගවල පන්දු රැකීම අනිවාර්යයෙන්ම ඉහළ මට්ටමක තියෙන්න ඕන. කෙටි කාලයක් තුළ ඒ දේවල් නිවැරදි කරගෙන ඉහළ තලයකට එන්න තරගයකට අදාළ හොඳ පුහුණු සැසියකට ක්‍රීඩකයන් සහභාගි වුණා.”
බංග්ලාදේශය හොඳ පළපුරුදු කණ්ඩායමක්. ඒ කණ්ඩායමේ අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒ සංචිතයේ එක්දින තරග දහක අත්දැකීම් සමූහයක් තියෙනවා. නමුත් අපි අපේ ඉහළටම දුවන්න බලාපොරොත්තු වෙනවා. පුහුණුකරුවන් සහ කළමනාකාරීත්වය ක්‍රීඩකයන්ට කියල තියෙන්නෙ ඒ අයගේ වගකීම මොකක්ද ඒ වෙනුවෙන් කරන්න ඕන මොකක්ද කියලා. අපි පිතිකරු අනුපිළිවෙලේ ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද එහෙම වුණාම ක්‍රීඩකයන්ට ස්ථාවර වෙන්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසා අපි ඔවුන්ගේ හැකියාව පෙන්වන්න අවස්ථාව දීල තියෙන්නේ”
”අපි ඇත්තටම එක එක ක්‍රීඩකයත් එක්ක කතා කරනවා. ඒ අයගේ යුතුකම තියෙනවා තරගයේ මොකක්ද කරන්න ඕන කියලා. ඉස්සෙල්ල තරගයේ මොනවද කළේ කියල අපි කතා කළා ඒගොල්ලන් පොඩි ළමයි නෙමෙයි මේ තරගය පැරදුනොත් තරගාවලිය පරදිනව කියල ඒ අය දන්නවා.”
එසේම බංග්ලාදේශයට තරගාවලිය පරාජය වුවහොත් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල හත්වැනි තැනට පත්වන අතර අට වැනි තැන පසුවන පකිස්තානය නව වැනි තැන පසුවන බටහිර ඉන්දීය කොදෙව්වන් පෙරළිකාර කණ්ඩායම් බැවින් ශ්‍රී ලංකාවට තවත් මාස හයක් තුළ පළමු අට දෙනා අතරට ඒමේ අවදානමක් පවතී. යම් හෙයකින් ශ්‍රී ලංකාව නව වැනි තැනට වැටුණොත් 2019 ලෝක කුසලාන වරම ශ්‍රී ලංකාවට දිනා ගැනීමට හැකි වන්නේ සුදුසුකම් ලැබීමේ වටයකිනි.
”ඇත්තටම මම ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මේ තරග ටික ජය ගත්තොත් අපිට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. හරියට සැලසුම් කරල දිනන්නම ගහන්න ඕන. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු වටයේදී තරග තුනක් තියෙනවා. ඊට පස්සේ ඉන්දියාවත් එක්ක සහ සිම්බාබ්වේත් එක්ක තියෙනවා. ඒ තරග සියල්ලම අපිට ඉතාමත් වැදගත්. මම දන්නවා අපි එක්දින ශ්‍රේණිගත කිරීම්වල නවයට වැටුණොත් ලෝක කුසලානට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කරන්න වෙන බව. ඉතිං මම හිතන්නේ සැප්තැම්බර් 30 ට කලින් ඒ තරග දිනා ගැනීම ඉතාම වැදගත්. මේ තරගයේ ඉඳල දිනන්න ගත්තොත් ප්‍රශ්නයක් නැහැ.”
කෙසේ වෙතත් ක්‍රිකට් කමනාකරු වශයෙන් තමාට ඉදිරි මාස 12 සඳහා නිත්‍ය ක්‍රීඩකයන් 18 දෙනකුගේ සංචිතයක් අවශ්‍ය බවත් එම සැලසුම් අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන බවත් ගුරුසිංහ පැවසීය.
(ADS)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.