FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී විමල් වීරවංශ ගැන බුද්ධි අංශයෙන් පරික්ෂණයක්..

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ රුධිර සාම්පලයක්‌ බැහැරට ගෙන ගොස්‌ පෞද්ගලික රසායනාගාරයකින් පරීක්‌ෂා කළේ කෙසේ දැයි සෙවීම සඳහා බන්ධනාගාර බුද්ධි අංශය ඊයේ (27 දා) පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇති බව වාර්තා වේ..

බන්ධනාගාර කොමසාරිස්‌ නිශාන් ධනසිංහ මහතාට ලැබුණු පැමිණිල්ලක්‌ මත මෙම පරීක්‌ෂණය ආරම්භ කර තිබේ.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ඕනෑම රෝගියකුගේ ලේ පරීක්‌ෂාවක්‌ සිදු කෙරෙනුයේ බන්ධනාගාර රෝහලේදී බවත්, රුධිර පරීක්‌ෂාවක්‌ කිරීමට පහසුකම් නොමැති අවස්‌ථාවකදී බන්ධනාගාර කොමසාරිස්‌ හෝ බන්ධනාගාර අධිකාරිවරයාට ඒ පිළිබඳ දැනුම් දී බන්ධනාගාර රියකින් බන්ධනාගාර නිලධාරියකු භාරයේ අදාළ රුධිර සාම්පලය ජාතික රෝහල වෙත යෑවීම නිසි ක්‍රමවේදය වන බව පැවසේ.

(ADS)