FAST NEWS

24×7 Around the Globe

බ්‍රසීල කුකුළන්ට සෞදිය තහනම්…

සෞදි ආහාර සහ ඖෂධ අධිකාරි මගින් බ්‍රසීලයෙන් මස් සහ කුකුලන් ආශ්‍රිත නිෂ්පාදනයන් ආනයනය කිරීම තහනම් කර තිබේ.

එයට හේතුවී ඇත්තේ ලොව පුරා පැතිර යන කුරුළු උණ රෝගි අවදානම් තත්වය බව අල්-මර්ෂඩ් ප්‍රවෘත්ති සේවය වාර්තා කලේය.

කුරුළු උණ රෝගි අවදානම වැලැක්වීමේ පියවරක් ලෙස බ්‍රසීලයේ කර්මාන්ත ශාලා හතරකින් ආනයනය කරන ලද මස් සහ  කුකුලන් ආශ්‍රිත නිෂ්පාදනයන් මිලදී නොගන්නා ලෙසට පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර එමගින් ජනතාවගේ අරක්ෂාව සහ ගල්ෆ් ප්‍රමිතීන් ක්‍රියත්මක කිරීම තහවුරු කිරීමටය.