FAST NEWS

24×7 Around the Globe

සුපිරි නිළි කත්‍රිනා අනතුරට පත් වෙයි..

 

අනුරාග් බාසු අධ්‍යක්ෂණය කරන ‘ජග්ගා ජාසුස්’ චිත්‍රපටයේ දර්ශනයක රඟපාමින් සිටියදී කත්‍රිනා කායිෆ්ට අනතුරක් සිදුව තිබේ.

කිසියම් බර දෙයක් ඇයගේ සිරුර වෙතට පෙරළි ඇති බවත් එයින් ඇගේ ගෙල පෙදෙස සහ පිට ප්‍රදේශයට තුවාල සිදුවී ඇති බවත් පැවසේ.

අනතුරෙන් පසු කත්‍රිනාව වෛද්‍යවරයකු වෙතට ගෙන යෑමට චිත්‍රපට කණ්ඩායම කටයුතු කර ඇති අතර ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී පවසා ඇත්තේ දින කිහිපයක් යනතුරු විවේක ගන්නා ලෙසය.

සිරුර වෙහෙසන කිසිම කටයුත්තක නොයෙදෙන ලෙස ද ඇයට වෛද්‍ය උපදෙස් ලැබී ඇතැයි සදහන් වේ.