FAST NEWS

24×7 Around the Globe

ලෝකයේ කැතම කාන්තාව ලොව පුරා අතිශය ජනප්‍රිය වූ හැටී.. (වීඩියෝ)

ලිසී වෙලස්‌ක්‌වෙස්‌ නම් කතක් ගැන මුලින්ම සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ “ලෝකයේ කැතම කාන්තාව” ලෙසින් වන අතර ඒ බව අවුරුදු දාහතේ දී මුලින් ම දුටු අවස්ථාවේ ඇයට ඇති වූ දුක දරාගත නොහැකිව ඇති බව සදහන්ය.

දිනක් ඇය You Tube සමාජ ජාලය තුල ගීතයක් නැරඹීම සදහා පිවිසි අවස්ථාවේ ලෝකයේ කැතම කාන්තාව ලෙසට ඇයගේ වීඩියෝවක් එයට එක්කර තිබූ බව ඇය පවසන ලදි.

එහෙත් ඇය පසුව තීරණය කර ඇත්තේ තමන් වගේම මෙලෙස අපහාසයට, අසාධාරණයට ලක් වන්නන් වෙනුවෙන් සටන් කිරීමටයි.

එය කෙතරම් දුරදිග ගියාදැයි කියතොත් ඇය ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇය වෙනුවෙන් “A Brave Heart” නමින් වාර්තා චිත්‍රපටයක් ද නිර්මාණය වී ඇති අතර 28 වන වියේ පසුවන ලිසී මේ වන විට සමාජ දිරිගන්වන්නියක් ලෙස කටයුතු කරන බව සදහන්ය.

ඇය වෙනුවෙන් නිර්මාණය වූ “A Brave Heart” චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය පහතින්..