FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තර මාධ්‍යයන් දෙකකින් ගෝඨාභය කළ ඉල්ලීම මෙන්න…

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මිනීමරු කල්ලියක් පවත්වාගෙන ගිය බවට ඒ.එෆ්.පී. පුවත් සේවය සහ අල්ජසීරා රූපවාහිනිය විසින් අසත්‍ය කරුණු සහිත ප්‍රවෘත්තියක් පළකර ඇති අතර, එය නිවැරදි කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම ආයතනවලට ලිඛිතව දැනුම්දී තිබේ.

එසේම සනත් විජේවර්ධන නීතිඥ සමාගම මාර්ගයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් මෙම දැනුම්දීම කර තිබේ.

ඒ.එෆ්.පී. පුවත් සේවය උපුටා දක්වමින් අල්ජසීරා රූපවාහිනිය විසින් මෙම ප්‍රවෘත්තිය පළකර තිබෙන අතර, තමන්ට විරුද්ධව අසත්‍යය කරුණු සහිත ප්‍රවෘත්තියට ලබාදුන් ප්‍රසිද්ධිය නිවැරදි කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් ඉල්ලා තිබේ.