FAST NEWS

24×7 Around the Globe

ඇමති චම්පිකගේ රියේ ගැටුන තරුණයා ආයෙත් රෝහල් ගත කරයි…

2016 පෙබරවාරි මස 28 වන දින රාජගිරියේදී ඇමති පාඨලී චම්පිකගේ වාහනයේ ගැටීම නිසා බරපතල තුවාල ලබා මාස ගණනාවක් රෝහල්ගතව සිට තරමක් සුවය ලබා සිටි සන්දීප සම්පත් තරුණයා නැවත වතාවක් ඊයේ(26) දිනයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුගේ පියා පවසන්නේ සන්දීපගේ දකුණු අතෙහි සැත්කමක් සිදු කිරීමට මෙසේ රෝහල් ගත කරන ලද බවයි.

එසේම තම පුතුට එම අනතුරින් පසු මේ දක්වා සමබරව ඇවිදීමට නොහැකි බවද පියා පවසන ලදි.