FAST NEWS

24×7 Around the Globe

අන්තර්ජාලයෙන් ගිරවුන්ට සිදු කර ඇති දේ පිටවෙයි…

 

ඇල්ලීමට පවා නීතියෙන් තහනම් කොට ඇති ශ්‍රී ලංකාවේ ගිරා පක්ෂි විශේෂ හතර  සහ ඔවුන් ද ඇතුළුව අලෙවි කිරීම සපුරාම තහනම් මාල ගිරවා ඇතුළු ගිරා විශේෂ පහ අන්තර්ජාලය මගින් අලෙවි කිරීම සීග්‍රයෙන් වැ‍ඩිවෙමින් පවතී.

Pet for sale in Sri lanka , හෝ Animals for sale in Sri lanka යනුවෙන් අන්තර්ජාලයෙන් විමසුම් කරන ඕනෑම අයෙකුට මෙසේ අන්තර්ජාලය මගින් අලෙවි කරන නීති විරෝධී ගිරා විශේෂ පිළිබඳවත් උන් සඳහා නිමකොට ඇති මිල ගණන් පිළිබඳවත් ඒවා අලෙවි කරන පුද්ගලයන්ගේ දුරකතන අංක සමගම තොරතුරු දැන ගැනීමේ අවස්ථාව තිබේ.

මේ පිළිබඳව වන ජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට දැන්වූ විට එහි ප්‍රකාශකයෙකු පවසා සිටියේ  ඒ පිළිබඳ අන්තර් ජාලයෙන් තොරතුරු විමසා එවැනි නීති විරෝධී අලෙවි කිරීම් කෙරෙන්නේ නම් වහාම ඔවුනට එරෙහිව නඩු පවරන බවය.