FAST NEWS

24×7 Around the Globe

පළමු තරගයේ සැලසුම් හා කාසියේ වාසිය ගැන චන්දිමාල් කට අරියි..

බංගලාදේශ කණ්ඩායම ලබාදුන් ඉලක්කය සැලසුම් කර ජය ගැනිමට අවකාශය තිබු බව 25 වැනිදා දඹුල්ලේ පැවති තරගම සම්බන්ධයෙන් අදහස් දක්වමීන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක දිනෙෂ් චන්දිමාල් මාධ්‍ය වෙත සඳහන් කළේය.

”ඇත්තටම අපේ පන්දු රැකීම හොඳ මට්‌ටමක තිබුණා නම් බංග්ලාදේශ පිල ලකුණු 280 කට විතර තියා ගන්න තිබ්බා. එහෙම වුණා නම් පිතිකරුවන් ලෙස අපිට ඒ ඉලක්‌කය සැලසුම් කරල තරගය ජය ගන්න අවස්‌ථාවක්‌ තිබ්බා. නමුත් පුහුණුවීම්වලදී හැමදෙනාම හොඳින් පන්දු රැකීම කරනවා. ඒත් මැදට ගිහිල්ල වැරදි කරනවා.”

”එක්‌ එක්‌ අවස්‌ථා තියෙනවා ක්‍රීඩකයන්ට අවස්‌ථාව නැති වෙන. නමුත් අපි තරුණ කණ්‌ඩායමක්‌. මේක අපි පරිවර්තනය වෙමින් සිටින කාලයක්‌. නමුත් එහෙම කියලා හැමදාමත් ඉන්න බැහැ. නවකයන් විදිහට සියලුම දෙනා අත උස්‌සල වගකීම භාර අරගෙන ඉතිරි තරග දෙක හොඳින් ක්‍රීඩා කරල ජය ගත යුතුයි.”

වත්මන් බංගලාදේශ කණ්‌ඩායම මීට අවුරුදු හයක සිටි තත්ත්වයට වඩා ඉතාමත් ඉහළ තලයකට සිටින බවද  කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට බංගලාදේශයට අරාධනා කිරීම සම්බන්ධයෙන්ද චන්දිමාල් සිය අදහස් දක්වා සිටියේය.

”අපි මීට අවුරුදු හයකට ඉස්‌සර බංග්ලාදේශය පහසුවෙන්ම පරාජය කළා. නමුත් ඔවුන්ගේ කණ්‌ඩායමේ ක්‍රීඩකයන් හය හත් දෙනෙක්‌ ඉන්නවා පසුගිය අවුරුදු දහය පුරාම එක දිගට ක්‍රීඩා කරල අත්දැකීම් තියෙන අය. එහෙම බැලුවහම ඔවුන් දැන් ගොඩක්‌ දියුණුයි. මම හිතන්නේ බංග්ලාදේශයට නෙමෙයි ඕනෑම කණ්‌ඩායමට පැරදුනහම දුකයි. මේ තරගයේදී අපි කාසියේ වාසිය දිනල පන්දු යවන්න තීරණය කළේ කණ්‌ඩායමේ සාමූහික තීරණය අනුව. නමුත් ඒක අනිත් පැත්තට වෙලා පැරදුනත් මේ කාසියේ වාසිය දිනල බැට්‌ කළේ මොකද කියල අහන්න තිබ්බා. අපි මේ පරාජය ගැන සාකච්ඡා කරල වැරදි හදාගෙන හොඳින් ඉතිරි තරග දෙක ක්‍රීඩා කළ යුතුයි. දැන් තියෙන්නෙ ඒ ගැන අවධානය යොමු කිරීමයි.”

(ADS)