FAST NEWS

24×7 Around the Globe

අලුත් අවුරුදු සමය වන විට පොල් මීල වැටෙයි…

සිංහල – හින්දු අලුත් අවුරුදු සමය වන විට පොල් මිලෙහි සැලකිය යුතු අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බව පොල් වගාකිරීමේ මණ්ඩලය පවසයි.

පසුගිය දිනවල පොල් මිලෙහි රුපියල් 10ක පමණ මිල පහත වැටීමක් දක්නට ලැබුණු බවත් පොල් පලදාවේ ඉහළ යෑම මීට බලපා ඇති බවත් එම මණ්ඩලය අවධාරණය කරයි.

මේ කන්නයේ පොල් කැඩීම ආරම්භ වී ඇති නිසා මේ වන විට කැඩෙමින් පවතින පොල් පලදාවෙහි වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ඒ අනුව අප්‍රේල් මාසය වන විට මේ කන්නයේ පොල් පලදාවෙහි හොඳ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවත් එම මණ්ඩලය  වැඩි දුරටත් පවසයි.

(ADS)