FAST NEWS

24×7 Around the Globe

විලියම් කුමරුගේ හෙලිකොප්ටරය ගුවන් අනතුරකින් බේරුන හැටී.. (ඡායාරූප)

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගේ ගුවන් ගිලන් හෙලිකොප්ටර් යානය අනතුරට ලක් වීමට ගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔහුගේ හෙලිකොප්ටර් යානය දුරස්ථ පාලකයක් මගින් පාලනය කරන ඩ්‍රෝන් යානයක ගැටීමෙන් මෙම අනතුර සිදුවන්නට ගොස් ඇති බව වාර්තා වූ අතර බ්‍රිතාන්‍ය ගුවන් පාලන අධිකාරිය සදහන් කර ඇත්තේ ලන්ඩනයට අඩි 1900කට වඩා වැඩි ඉහළ අහසේදී මෙම අනතුර සිදුවීමට ගිය බවයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ විලියම් කුමරු හෙලිකොප්ටර් යානයේ නොසිට ඇති අතර යුරෝකොප්ටර් 140 දරණ මෙම ගුවන් යානය ඔහු නිරන්තරයෙන් පියාසරකරන යානය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි.