FAST NEWS

24×7 Around the Globe

සිංහයන් බලගන්වන්න කුලසේකර දෙසට අවධානය යොමු වෙයි…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ඉදිරි එක්දින තරග දෙකේදී ශ්‍රී ලංකා පන්දු යැවිමේ බලඇණිය ශක්තිමත් කිරිම සඳහා වේග පන්දු යවන ක්‍රීඩක නුවණ් කුලසේකර කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

දෙවැනි තරගය හෙට (28) දඹුල්ල ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමිත අතර තරග තහනමට ලක්ව සිටි ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලද හෙට තරගයට එක්වීමට නියමිතය.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ රැඳී සිටීමට නම් හෙට තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්යය වෙයි.